කුඩුවලට ඇබ්බැහි වී සිටි තරුණියක් තලංගම දී අත්අඩංගුවට

පොලිසිය විසින් ක්‍රියාත්මක කෙරෙන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම අද (30) අලුයම් කාලයේ තලංගම ප්‍රදේශයේත් ක්‍රියාත්මක කෙරුණා.

මෙහිදී සැකපිට පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම මෙහෙයුම අතර තුර මත්කුඩු වලට ඇබ්බැහි වී සිටින වයස අවුරුදු 23ක තරුණියක් ද හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම තරුණිය තවත් තරුණයෙක් සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් අතර තුළ පොලිසිය විසින් ඔවුන් නවතා සිදුකළ සෝදිසි කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී තරුණිය සමඟ සිටි පුද්ගලයා සන්තකයේ තිබී අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති අතර, ඔහු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

අත්අඩංගුවට පත් තරුණිය හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර ඇය රාත්‍රී සමාජ ශාලාවල ගණිකා වෘත්තියේ නියැලෙන බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට පත් එම තරුණිය සහ තරුණයා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පැවසුවා.

මේ අතර ඊයේ (29) අලුයම 12.30 සිට අද (30) අලුයම 12.30 දක්වා ගත වූ පැය 24 තුළ සිදුකරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 1,554 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
7
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59