spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුඩුවලට ඇබ්බැහි වී සිටි තරුණියක් තලංගම දී අත්අඩංගුවට

පොලිසිය විසින් ක්‍රියාත්මක කෙරෙන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම අද (30) අලුයම් කාලයේ තලංගම ප්‍රදේශයේත් ක්‍රියාත්මක කෙරුණා.

මෙහිදී සැකපිට පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම මෙහෙයුම අතර තුර මත්කුඩු වලට ඇබ්බැහි වී සිටින වයස අවුරුදු 23ක තරුණියක් ද හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම තරුණිය තවත් තරුණයෙක් සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් අතර තුළ පොලිසිය විසින් ඔවුන් නවතා සිදුකළ සෝදිසි කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී තරුණිය සමඟ සිටි පුද්ගලයා සන්තකයේ තිබී අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති අතර, ඔහු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

අත්අඩංගුවට පත් තරුණිය හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර ඇය රාත්‍රී සමාජ ශාලාවල ගණිකා වෘත්තියේ නියැලෙන බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට පත් එම තරුණිය සහ තරුණයා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පැවසුවා.

මේ අතර ඊයේ (29) අලුයම 12.30 සිට අද (30) අලුයම 12.30 දක්වා ගත වූ පැය 24 තුළ සිදුකරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 1,554 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
7
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?