කුඩා වාහනවලින් ගමන් කරන අයට පොලීසියෙන් පණිවුඩයක්

ගතවූ පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් සිදුවූ මරණ 9ක් වාර්තා වී තිබේ.

පොලීසිය පවසන්නේ එම මරණවලින් 7ක්ම යතුරුපැදිවලින් ගමන් ගත් පුද්ගලයින් බවය.

අනෙක් දෙදෙනා ත්‍රීරෝද රථවලින් ගමන් කළ පුද්ගලයින්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කුඩා වාහනවලින් ගමන් කරන පිරිස් වැඩි වශයෙන් රිය අනතුරුවලට ලක්වීමේ තත්ත්වයක් දැකගත හැකි බවය.

දිනකට 40ක් වැනි පිරිසක් රිය අනතුරුවලින් තුවාල ලබන බවද ඔහු පැවසීය.

ඒ අනුව කුඩා වාහනවලින් ගමන් කරන පිරිස් වඩාත් ආරක්ෂාකාරීව මාර්ගවල ගමන් කළයුතු බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ අතර වාහන දඩ මුදල් විද්‍යුත් ක්‍රමයට ගෙවීම සහ රියදුරන් වෙනුවෙන් කුසලතා ලකුණු ක්‍රමය ළඟදීම හඳුන්වාදීමට පියවර ගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ කුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ දත්ත පද්ධති පවතින අතර ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමට මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවය.

මේ අතර මාර්ග අවහිර කරමින් සිදුකරන යාචක ව්‍යාපාරය නතර කිරීමට පියවරගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01