කුඩා දැරියකට අමානුෂික ලෙස පහර දුන් පියෙකු අත්අඩංගුවට

කුඩා දැරියක අමානුෂික ලෙසට පහරදුන් පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙකු අත්අඩංගුවට

කුඩා දැරියක අමානුෂික ලෙසට පහරදුන් පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

සැකකරු මෙලෙස අමානුෂිකව පහරදී ඇත්තේ වයස අවුරුද්දයි මාස 6ක් පමණ වන කුඩා දැරියකටයි.

සැකකරුගේ බිරිඳ විදේශගතව සිටින අතර දැරියට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝ පට කිහිපයක් ඔහු දුරකතනය මගින් කුවේට් රාජ්‍යයේ සිටින බිරිඳට යවා තිබෙනවා.

බිරිඳගේ මව විසින් වේයන්ගොඩ පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරමින් ප්‍රකාශ කර ඇත්තේ දැරිය මරා දමා මෙම සැකකරු ද මිය යන බවට ප්‍රකාශ කර ඇති බවටයි.

මෙම පැමිණිල්ල අනුව බකමූණ පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවසට ගොස් පහරදීමට සම්බන්ධ සැකකාර පියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම කුඩා දැරිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුගේ පළමු බිරිඳ සහ ඇයගේ දැරියන් දෙදෙනා ද පොලිසියට රැගෙන ගොස් ඇතැයි සඳහන්.

මෙම පුද්ගලයාගේ බිරිඳ විදේශගත වී ඇත්තේ මීට මාස 3කට පමණ පෙර වන අතර විදෙස්ගතව සිට උපයන මුදල් මෙම මාසයේ තමාට ලැබීම ප්‍රමාද වූ බව පවසමින් සැකකරු දැරියට අමානුෂිකව පහරදී එම වීඩියෝ බිරිඳට යවා ඇති බවට මූලික විමර්ශණවලදී හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37