පසුගිය 21 වනදා කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පිළිබඳව මේ වනවිට තොරතුරක් නොමැති බව වාර්තා වනවා.
මෙම යාත්‍රාවෙන් ධීවරයින් තිදෙනෙක් මුහුදු ගොස් තිබෙනවා.
වයස අවුරුදු 30, 23 සහ 22 යන වයස්වල පසු වූ එම ධීවරයින් තිදෙනා කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
අතුරුදන් ධීවර යාත්‍රාව සහ ධීවරයින් සොයා යාත්‍රා 02ක් පිටත්ව ගොස් ඇති අතර, අද (24) දිනයේ එම යාත්‍රාව යළි ගොඩබිම වෙත පැමිණීමට නියමිතයි.













