spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුකුල් මස් මිල තවත් රුපියල් 100කින් අඩු කිරීමට පියවර

කුකුළු මස් කිලෝවක මිල ඉදිරි සති දෙක තුළ තවත් රුපියල් 100කින් අඩු කිරීමට කුකුළු මස් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඊයේ පැවති සාකච්ඡාවේදී නිෂ්පාදකයන් එකගතාව පළකර ඇත්තේ ඊයේ සිට රුපියල් සියයකින් මිල අඩු කර ඉදිරි සතිය තුල තවත් රුපියල් 100කින් මිල අඩු කිරීමටයි.

නිෂ්පාදකයන් එම සහනය ජනතාවට නොදුන හොත් මස් ආනයනය කර හෝ පාරිභෝගිකයා ආරක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

කුකුළු මස් කිලෝවක මිල රුපියල් 850ක් දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

සුපිරි වෙළෙඳසැල් කුකුළු මස් අළෙවියෙන් විශාල ලාභයක් ලබන අතර එම වෙළෙඳසැල්වල ද කුකුළු මස් මිල අඩු කරන ලෙස දැනුම් දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කළ බව ද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?