spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කීරිමුන්දලම කලපුවේ සැඟ වූ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට (ඡායාරූප)

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කීරිමුන්දලම කලපු ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කලපු ප්‍රදේශයේ සඟවා තිබූ බීඩි කොළ තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

උර 08ක් තුළ අසුරා තිබූ කිලෝග්‍රෑම් 465ක පමණ බරකින් යුත් බීඩි කොළ තොගයක් මෙලෙස සොයාගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?