කිසිම සමාව අයැදීමක් නැහැ – ජනප්‍රිය නළු කමල් හසන් උසාවියටම කියයි

තමන්ගේ නවතම චිත්‍රපටය වන ‘තග් ලයිෆ්’ චිත්‍රපටය දැනට කර්ණාටක ප්‍රාන්තයේ තිරගත නොවන බව දකුණු ඉන්දීය ජනප්‍රිය නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන කමල් හසන් පවසනවා.

එමෙන්ම තමන් සිදුකළ ප්‍රකාශයට සමාව අයැදීම ද ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය මාසයේ ඔහුගේ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර කන්නඩ භාෂාව පිළිබඳව ඔහු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට විරෝධයක් මතුව තිබෙනවා.

“දෙමළ නිසා කණ්නඩ බිහිවුණා” යනුවෙන් කමල් හසන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව මෙම විරෝධය ගොඩනැඟුනා.

මේ හේතුවෙන් ඔහුගේ ‘තග් ලයිෆ්’ චිත්‍රපටය කර්ණාටක ප්‍රාන්තයේ තිරගත නොකරන ලෙසයි විරෝධතාකරුවන් පැවසුවේ.

කමල් හසන්ගේ නිෂ්පාදන සමාගම අද (03) කර්ණාටක මහාධිකරණයට දැනුම් දෙමින් කියා සිටියේ සමාව අයැදීමට කිසිවක් නොමැති බවත්, ඔහුගේ ලිඛිත ප්‍රකාශය කර්ණාටක චිත්‍රපට වාණිජ මණ්ඩලයේ (KFCC) සමාව අයැදීමේ ඉල්ලීම වෙනුවෙන් යොමු කළ බවයි.

මේ අතර කර්ණාටක මහාධිකරණය අද (02), චිත්‍රපට ප්‍රවර්ධන වැඩසටහනක දී කමල් හසන් කළ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරනු ලැබුවා.

කන්නඩ භාෂාව දෙමළ භාෂාවෙන් උපත ලැබූවක් බවට සිදුකළ ප්‍රකාශය සංශෝධන කිරීමට අද (03) පස්වරු 2.30 දක්වා ඔහුට කාලය ලබා දී තිබුණා.

කමල් හසන් ජනප්‍රිය චිත්‍රපට තරුවක් විය හැකි නමුත් එය ඔහුට මහජන හැඟීම් රිදවීමට ඉඩ නොදෙන බවයි අධිකරණය සඳහන් කළේ.

කමල් හසන් ඔහුගේ ‘තග් ලයිෆ්’ චිත්‍රපටය කර්ණාටක ප්‍රාන්තය තුළ නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කර්ණාටක මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය මේ බව පැවසුවා.

මේ අතර ‘තග් ලයිෆ්’ චිත්‍රපටය අනිද්දා සිට ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හැර ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
62
+1
4
+1
6
+1
7
+1
26
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43