කිසිඳු ආකාරයකින් අලුතින් මුදල් අච්චුගැසීමක් සිදුකර නැහැ

රජය විසින් කිසිඳු ආකාරයකින් අලුතින් මුදල් අච්චුගැසීමක් සිදුකර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත් හේරත් පවසනවා.

ඒ, අනුව ඒ සම්බන්ධයෙන් පළවන ජනමාධ්‍ය වර්තා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අද (29) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

රජය නව මුදල් මුද්‍රණය කිරීමක් සිදුව ඇත්නම්, මුදල් ඇමතිවරයා ලෙස නව ජනාධිපතිවරයාගේ අත්සන නව මුදල් නෝට්ටුවල මුද්‍රණය කර තිබිය යුතු බවත්, එහෙත් එවැනි නෝට්ටු දැකගත නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයාගේ අත්සන සහිත මුදල් නෝට්ටුවක් දැකගැනීමට තමන් කැමැත්තෙන් සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

එමෙන්ම කිසිදු විදේශ ආයතනයකින් හෝ විදේශ ණයක් මේ දක්වා ලබාගෙන නොමැති බවත් ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !