කිවි – සිංහ අවසන් T20 ඇරඹෙයි – ශ්‍රී ලංකාව පිතිකරණයේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (02) පැවැත්වෙනවා.

එරට වේලාවෙන් මේ වනවිට නෙල්සන් ක්‍රීඩාංගණයේ දී තරගය ආරම්භ වී ඇති අතර කාසියේ වාසිය දිනාගත් සත්කාරක ඇරයුමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදෙමින් සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වෙන්නේ පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 03ක් බිඳ වැටී ලකුණු 119ක් ලෙසයි.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ ලකුණු 47ක් ලබා නොදැවෙමින් කුසල් පෙරේරා සමගින් නායක අසලංකයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 22ක් සහ නිස්සංක ලකුණු 14කට දැවී ගියා.

මැට් හෙන්‍රි, ජැකොබ් ඩෆි සහ මිචෙල් සැන්ට්නර් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

දෙරට අතර පැවති තරග 02ම මීට පෙර නවසීලන්තය ජයගෙන තරගාවලියේ ශූරතාව ද දිනා සිටින අතර ලැජ්ජාවෙන් බේරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය නියත ව ම දිනාගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39