කිවි කතුන් පරදා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය පරාජයට පත් කිරීමට සමත් වුණා.

ඒ අද (01) පැවති තරගයෙන් ලකුණු 55ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

මෙම තරගාවලිය ඔස්ට්‍රෙලියාව සත්කාරකත්වය දරන, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය එක් වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය මෙය වන අතර එම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා (වයස අවුරුදු 19න් පහළ) කණ්ඩායම් නායිකා මනුදි නානායක්කාර සමත් වූ අතර ඇය තීරණය කළේ පළමු ව පිතිකරණය තෝරා ගැනීමටයි.

එහිදී පන්දුවාර 42ක් අවසානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 159ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුමුදු නිසංසලා ලකුණු 34ක්, විමොක්ෂා බාලසූරිය සහ රශ්මිකා සෙව්වන්දි ලකුණු 29 බැගින් ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී නවසීලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායම වෙනුවෙන් Rishika Jaswal කඩුලු 03ක් ද, Louisa Kotkamp සහ Kate Irwin කඩුලු 02ක බැගින් ද බිඳ දැමුවා.

එක් කඩුල්ලක අයිතිය ලියා ගැනීමට සමත් වූයේ Tash Wakelin විසින්.

ඒ අනුව ජයග්‍රහණයට ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කාන්තා 19න් පහළ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104ක් පමණයි.

ඒ පන්දුවාර 35කුත් පන්දු 02ක් අවසන් කරමින්.

ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායමේ පළමු ජය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී චමුදි ප්‍රබෝධා ලකුණු 24කට කඩුලු 04ක් ද, ලිමංසා තිලකරත්න ලකුණු 31කට කඩුලු 03ක් ද බිඳ හෙලීමට සමත් වුණා.

අසේනි තලගුණේ, ශෙහාරා ඉඳුවරී සහ රශ්මිකා සෙව්වන්දිට එක් කඩුල්ල බැගින් හිමි වුණා.

ඒ අනුව තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ජයගැනීමටයි ඔවුන් සමත් වූයේ.

තරගය පැවැත්වුණේ බ්‍රිස්බේන් හි Allan Pettigrew Oval ක්‍රීඩාංගණයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25