කිවියන්ට එරෙහි එක්දින තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස්

සංචාරක නවසීලන්තයට එරෙහිව ඊයේ (19) පැවති තරගය අධික වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කළා.

දෙරට අතර පැවැති තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 2-0ක් ලෙස සිය 43 වැනි එක්දින තරගාවලි ජය ද වාර්තා කරන්නටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ.

ඊයේ තරගය පල්ලෙකැලේදී පැවැත්වුණේ තරගයේ කාසියේ වාසිය නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් හට තිළිණ කරමින්.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර 21ක් අවසානයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 112ක් ලබාගෙන සිටියේ පළමු සහ දෙවැනි තරගවලට වඩා ස්ථාවර වෙමින්.

කෙසේවෙතත් ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට තිබූ කාලය අවසන් වීමෙන් තරගය අතහැර දමන්නටයි ක්‍රීඩා බලධාරීන් කටයුතු කළේ.

ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් සිය මව්බිමේ දී 19 වැනි වරටත් ජයගැනීමට හැකි වුණා.

තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස්.

ඒ ඔහු තරගාවලිය පුරා ම ලකුණු 217ක් ලබා ගැනීමේ දක්ෂතාව නිසාවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30