spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිවියන්ගේ පළමු ඉනිම ලකුණු 317කින් නවතියි

සංචාරක නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 317කට සීමා කරන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් අද සමත් වුණා.

ඒ දෙරට අතර Sylhet හි දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය ආරම්භ කරමින්.

ඒ අනුව මේ වනවිට සත්කාරක බංග්ලාදේශය නවසීලන්තයට වඩා ලකුණු 36ක් ඉදිරියෙන් සිටිනවා.

ඒ කඩුලු 02ක් දැවී ලකුණු 43ක් ලබා ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පිතිකරණය තෝරාගත් බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පළමු දිනය අවසන් කළේ සියල්ලන් ම දැවී ලකුණු 310ක් ලබා ගනිමින්.

ඊට නවසීලන්ත කණ්ඩායමෙන් සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 317ක් හිමිවුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක විලියම්සන් ලකුණු 104ක් ලබාගත්තා.

මේ වනවිට බංග්ලාදේශයේ දෙවැනි ඉනිමට ක්‍රීඩා කරමින් පිටියෙහි රැඳී සිටින්නේ නජ්මුල් සමග මොමිනුල්.

දෙවැනි ඉනිමේ එක් කඩුල්ලක් දුවද්දී දැවී යාමකට හසු වූ අතර, අනෙක අජාස් පටෙල් නමින් ලියැවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?