කිලිනොච්චියේ විරෝධතාවක් – තත්ත්වය උණුසුම් වී සරසවි සිසුන් හතරක් අත්අඩංගුවේ (ඡායාරූප)

යාපනය – නුවර ප්‍රධානය මාර්ගය අවහිර කරමින් කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති විරෝධතා පා ගමනක් අතරතුර දී විශ්වවිද්‍යාල සිසුන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

උතුරු, නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර නිදහසක් නොලැබීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කරගැනීම හා වර්තමානයේ ජනතාවට දරාගැනීමට නොහැකි ගැටළු වෙනුවෙන් විසඳුම් නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පවත්වනු ලැබුවා.

විරෝධතාකරුවන් යාපනය – නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත් වූ අතර, ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

තත්ත්වය පාලනය කිරීමට ජල ප්‍රහාරක බවුසර් රථ හා පොලිස් කැරළි මර්දන ඒකකය ද කැඳවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම විරෝධතා පා ගමනට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායක එස්.ශ්‍රීධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් ද සහභාගීව සිටියා.

Kili Protest 1
Kili Protest 4 1
Kili Protest 3
Government Supporters 5 1
Kili Protest 2
Jaffna Univesity 3
Government Supporters 4
Government Supporters 2
Government Supporters 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14