කිලිනොච්චියේ ඉඩමක වළදමා තිබූ බෝම්බ 31 ක් සොයාගැනේ

කිලිනොච්චිය – පලෙයි පොලිස් වසමට අයත් මුකමලෙයි උතුර ප්‍රදේශයේ අද (01) පස්වරුවේ පුපුරා නොගිය බෝම්බ 31 ක් සොයා ගෙන තිබෙනවා.

මුමලෙයි උතුරේ නිවාස හිමියෙක් තම නිවසේ වළක් හාරා ඇති අතර ඒ අතරතුර, එම ප්‍රදේශයේ භයානක බෝම්බ තිබී හමු වී ඇති බවයි වර්තාවන්නේ.

නිවාස හිමියා විසින් මේ පිළිබද වහාම පලෙයි පොලිසියට දැනුම් දී ඇති අතර පසුව කිලිනොච්චි අධිකරණයේ නියෝගය මත පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂිතව ගොඩ ගැනීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.