කිලිනොච්චියටත් සුළඟින් මෙගාවොට් 204ක්

මෙගාවොට් 204ක යුත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි-වේරවිල් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සුළං විදුලි බලාගාරය සදහා යෝජිත භූමි ප්‍රදේශයේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා.

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 204ක විදුලිබල ධාරිතාවයක් එක් කිරීමට නියමිත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි-වේරවිල් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සුළං විදුලිබල ව්‍යාපෘතියට අදාළ භූමිය නිරීක්ෂණය කිරීමේ සහ කරුණු සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවක බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අද (25) දින නියැලුනා.

රටේ බලශක්ති අරමුණු ජයගැනීමෙහිලා පුනර්ජනනීය බලශක්තිය උපරිම අයුරින් දායක කරගැනීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව ඉහත ප්‍රදේශයේ ඇති සුළං විදුලි විභවතාවය ප්‍රයෝජනයට ගැනීමත් ඒ හරහා රටේ උතුරු ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමත් මෙම යෝජිත ව්‍යාපෘතියේ අරමුණු අතර වනවා.

මෙහිදී එකක් මෙගාවොට් 06ක් වන සුළං විදුලි කුළුණු 34ක් ස්ථාපිත කිරීමට නියමිත අතර ඒ සදහා තෝරාගත් ඉඩම් කොටස් වැඩි ප්‍රමාණයකට ඇමතිවරයා පෞද්ගලිකවම ගොස් විස්තර සොයා බැලීය. මෙලෙස වෙන්කොට ඇති ඉඩම් කොටස් වැඩි ප්‍රමාණයක, කිසිදු ගැටලුවක් නොමැතිව ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු ඇරබීමේ හැකියාව ඇති බව නිරීක්ෂණය වූ අතර විවිධ ගැටලු ඇති බිම් කොටස්වල එම ගැටලු විසදීමට ගත හැකි පියවර සොයා බැලීමද සිදු මෙහිදී සිදු වුණා.

“මෙම ව්‍යාපෘතිය රටේ ජාතික අවශ්‍යතාවයක් ලෙස සළකා ක්‍රියාත්මක කරන බවත් මේ හරහා ප්‍රදේශයේ ජනතාවට අවශ්‍යය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැළසුම්කර ඇති අතර පරිසරයට සිදුවන බලපෑම් හා ජනතාවට සිදුවන අපහසුතා අවම වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කාලයක් තිස්සේ සංවර්ධනය මග හැරුණු උතුරු ප්‍රදේශයට මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇති බවත්” අමත්‍යවරයා මෙහිදී අදහස් පළකරමින් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21