spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිරි පිටි මිල ගැන රජයට මැදිහත් වෙන්න බැහැ – ඇමති බන්දුල කියයි

කිරි පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමක් සිදු කිරීමට නොහැකි බව වෙළද අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කර සිටියා.

අද මධ්‍යම රාත්‍රීයේ සිට කිරි පිටි මිල ඉහළ දැමීමට කිරි පිටි ආනයනය කරන සමාගම් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට යම් මැදිහත්වීමක් සිදු කළ නොහැකිදැයි එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙළද අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන ගෙන් විමසා සිටියා.

“කිරි පිටි මිල වැඩි කරන්නේ රජය නෙමෙයිනේ. කිරි පිටි මිල වැඩි කරන්නේ බහු ජාතික සමාගම්නේ. රජය වැඩි කරනවානම් තමයි මැදිහත්වීමක් සිදු කරන්න පුළුවන්. බහු ජාතික සමාගම් මීට පෙර කිරි පිටි ආනයනයෙන් ඇති තරම් මුදල් හම්බ කරගෙන තමන්ගේ රටවල්වලට මුදල් ගෙනගියා.

මේ අමාරුම අවස්ථාවේ බහු ජාතික සමාගම් කිරිපිටි මිල ඉහළ දැමීම අනුමත කරන්න බැහැ.මොකද ඒ අය කිරි පිටි ආනයනය කරලා මුදල් හොදට හම්බ කරගත්තා.” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?