spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිරි තේ එකක් රුපියල් අසූවට ?

ඊයේ (24) මාධ්‍ය රාත්‍රියේ සිට ආනයනික කිරිපිට මිල අඩු කිරීමේ වාසිය හෝටල් සහ ආපනශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයාට ද ලබාදිය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසනවා.

ඒ, අනුව හෝටල් සහ ආපනශාලාවල අලෙවි කරනු ලබන කිරි තේ එකක් සඳහා රුපියල් 80.00ක පාලන මිලක් නියම කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට වෙළඳපොළේ කිරි තේ එකක් රුපියල් 100 සිට රුපියල් 150 අතර මිල ගණන්වලට අලෙවි කරන බවයි ඔහු පැවසුවේ.

රජය විසින් ඊයේ (24) මාධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ආනයනික කිරිපිට කිලෝ එකක මිල රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400ක ආනයනික කිරිපිරි පැකට්ටුවක මිල රුපියල් 60 කින් පහත දැමීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?