spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිරි තේ එකක් දහයකින් පහළට

කිරි තේ එකක මිල රුපියල් 10.00කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ආනයනික කිරිපිටිවල මිල ගණන් පහළ දැමීමට රජය කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමය පැවසුවේ.

ඊයේ (24) මධ්‍යම රාත්‍රිය සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එක්ක මිල රුපියල් 150කින් සහ ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් අඩු කිරීමට රජය කටයුතු කළා.

මේ අතර කිරිපිටිවල මිල අඩුවීමත් සමඟ කිරි තේ එකකට රුපියල් 80.00ක් පාලන මිලක් ගෙන ආ යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මාධ්‍ය හමුවක් පවත්වමින් අද (25) සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?