කිරි ගොවියන් ගවයින් සමග විරෝධතාවක (ඡායාරූප)

කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ කිරි ගොවියන් තම ගවයින් ද සමග අද විරෝධතාවයක නිරතවී තිබෙනවා.

විරෝධතාවයේ නිරත කිරි ගොවියන් පැවසූවේ තමන්ගේ කිරි ගවයින්ට තණකොළ ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

වී වගාව හා ගෙවතු වගාවෙන් කෝනාවිල් ප්‍රදේශයේ බහුතරයක් පිරිස ජිවිකාව සරි කරගැනීම හේතුවෙන්, කිරි ගවයින්ට තණකොළ ලබා ගැනීමට ස්ථානයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.

කිරි ගවයින් ඇති කරන පිරිස් වෙත තණකොළ ලබා ගැනීමට ස්ථානයක් වෙන්කර දෙන බවට අවස්ථා ගණනාවකදි බලධාරීන් සඳහන් කළත් එම පොරොන්දු මෙතෙක් ඉටුවී නොමැති බවටයි කිරි ගොවියන් චෝදනා කරන්නේ.

ගොවි ජනතාව වී වගා කළහොත්, ප්‍රදේශයේ කිරි ගොවියන්ට තමන්ගේ ගවයින් මුදා හැරීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් ගවයින්ට තණකොළ කෑමට ස්ථානයක් නොමැති වන බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

එබැවින් කිරි ගවයින්ට තණකොළ ලබා ගැනීමට ප්‍රදේශයේ ස්ථානයක් වෙන්කර දෙන ලෙසටයි ගවයින් ඇති කරන්න ජනතාව ඉල්ලා සිටින්නේ.

මෙම විරෝධතාවයට එක්වු කිරි ගොවියන් ගවයින්ගේ පිටේ විරෝධතා පුවරු ද එල්ලා විරෝධතාවයේ නිරතව සිටියා.

  1. OYA SATHTHU BOHOMA WATINAWA. KANNA ADU UNATH HEWANAKA THIYALA BALA GANNA, DAN BONNA WATHURATH NATHI WEEGENA YANNE. KANNA THANKOLA NATHTHE ARUTA VOTE KALA 69 LAKSHAYAYI UNGE VOTE EKEN ATHULATA GIYA 225YI UNGR HATHTHA BURUTHTHU GON RELAYI THANAKOLAMA KAPU NISA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56