කිරි ගව සොරුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නැයි ඉල්ලිමක්

අත්අඩංගුවට ගන්නා ගව සොරුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලිසියෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

මේ දිනවල කිරි ගවයින් සොරකම් කිරීමේ සිදුවීම් ඉහළ යමින් පවතින බවටයි ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිළි කර ඇත්තේ.

එබැවින් කිරි ගව සොරකම් වැළැක්වීම සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කැඳවා තිබුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ සහ පොලිසියේ ඉහළ නිලධාරින් කිහිප දෙනෙක් ද සහභාගි වූ බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

සෑම දිනකම පාහේ එක් දිස්ත්‍රික්කයකින් අඩුම තරමින් කිරි ගව සොරකම් පහක් හෝ හයක් සම්බන්ධව පොලිස් ස්ථානවලට පැමිණිළි ලැබෙන බව පොලිස් නිලධාරින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඇතැම් අවස්ථාවල ගව සොරුන් අත් අඩංගුවට ගන්නා අතර සොරුන් වැඩි පීරිසක් සුඛෝපභෝගී වාහන යොදා ගනිමින් කිරි ගවයින් සොරකම් කරන බවට හෙළිදරව් වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී ඇති පැමිණිළි අනුව දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබා ගත හැකි ගව දෙනුන් මෙලෙස සොරකම් කරන බව සඳහන්.

අඩුම තරමින් එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගව දෙනුන් 35ක් පමණ සොරකම් කරන බවත් ගොවි නියෝජිතයින් අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති බව මෙහිදී අනාවරණ වුණා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේ මීට දශක දෙක තුනකට පෙර ගව සොරුන්ට දැඩි දඬුවම් ලබා දීමට පොලිසිය කටයුතු කළ ද මේ වනවිට ඒවා ලිහිල් කර ඇත්නම් නැවතත් දඬුවම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යෝජනා ඉදීරිපත් කරන ලෙසටයි.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා ගව සොරුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ වනවිට ඇතැම් දිස්ත්‍රික්කවල පිහිටි ගවගාල්වල CCTV කැමරා පවා සවි කර තිබෙන අතර ඇතැම් ගවගාල්වල දම්වැල් යොදා ඉබි යතුරු දමා ගවයින් ආරක්ෂා කර ගන්නා තරමට කිරි ගව සොරකම ඉහළ ගොස් ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සොරකම් කරන මෙම සතුන් මස් සඳහා අලෙවි කරන බැවින් අනාගතයේ දී කිරි නිෂ්පාදනයේ ගැටලු සහගත තත්ත්වයක් පවා ඇතිවීමට ඉඩ ඇති බවත් පශු අංශ අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29