කිරිපිටි පාලන මිල ඉවත් කළොත් දේශීය කර්මාන්ත වලටත් සාධාරණයක් ඉටුවේවි.!

ලංකාව තුළ කිරි සඳහා පවතින ඉල්ලුමෙන් 80 % ක්ම සපුරන්නේ සම්පූර්ණ යොදය සහිත කිරි කර්මාන්තය තුළිනුයි. අද වෙද්දි මේ කර්මාන්තය මාසිකව රු.බි. 1.5 ක පාඩුවක් ලබනවා. මේ පාඩුව අවම කරමින් පාරිභෝගිකයින්ටත් සාධාරණයක් ඉටුකරමින් රජය පසුගියදා හොඳ ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. ඒ කිරිපිටි ආනයනයේදී බදු සහන ලබාදීමයි.

ජාත්‍යන්තර වෙළදපොලේ පවතින කිරිපිටි මිල ගණන් සැලකිල්ලට ගනිමින්, කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් සඳහා රු. 260 (27%) ක මිලවැඩිවීමක් වගේම බදු සහන ද ආනයනකරුවන් ඉල්ලා සිටියා. ඒ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත විශේෂ ඉල්ලීමක් කරමිනුයි. පාරිභෝගිකයින්ටත් අසාධාරණයක් නොකරමින් මේ සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා ආකාරය ගැන කිරිපිටි ආනයනකරුවන් සියළු දෙනාගේ සහභාගීත්වයෙන් පාරිභෝගික සේවා අධිකාරියේදී පැවති රැස්වීම් මාලාවකදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ආනයනික කිරිපිටි පාලන මිල ඉවත් කර දේශීය නිෂ්පාදකයින්ටත් අතහිත දෙන්න.

කිරිපිටි ආනයනකරුවන්ට වගේම දේශීය කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ද අද දවසේ අවශ්‍යතාවක් වී තිබෙනවා. ආනයනික කිරිපිටි මත පනවා ඇති පාලන මිල ඉවත් කළොත් දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීමට ද හැකිවෙනවා. ඒ දේශීය කිරි ගොවීන්ගේ නිෂ්පාදන වලට සාධාරණ මිලක් ලබාදීම මගිනුයි.

මිල්කෝ (පුද්) සමාගමේ සභාපතිවරයා වන ලසන්ත වික්‍රමසිංහ මහතා පෙන්වාදෙන්නේ මෙරට තුළ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම නැවුම් කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට හොඳම අවස්ථාව දැන් එළඹී ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ, අත්‍යවශ්‍ය භාණ්ඩ අතරට අයත් කිරිපිටි වල පාලන මිල ඉවත් කළයුතු බවයි. ‘මෙවැනි ක්‍රියාමාර්ගයක් තුළින් දේශීය කිරි ගොවීන්ටත් සාධාරණ මිලක් ලබාදෙන්න හැකිවේවි. පාරිභෝගිකයෝ නැවුම් කිරිවලට වඩා කිරිපිටි පරිභෝජනයට යොමුවෙලා ඉන්නේ එය වඩාත් ඵලදායී බව විශ්වාස කරන නිසයි.‘

බදු අඩු කිරීමෙන් කිරිපිටි සඳහා ලැබෙන සහනය රු. 35 කට සීමා වේවි.

කිරිපිටි මිල වැඩිකිරීමට අවසර ලැබෙනවා නම් මේ වෙද්දි රු. 945 ක් වන කිරිපිටි කිලෝව රු. 260 කින්, එනම්, 27.5 % කින් වැඩිවී රු. 1205 ක් බවට පත්වෙනවා. දැනට රු. 380 ක් වන ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රු. 102 කින්, එනම් 26.8 % කින් වැඩිවී රු. 482 ක් බවට පත්වේවි.

කිරිපිටි මත පනවා ඇති ආනයන බදු අඩුකිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවෝ මේ සාකච්ඡාවලදී රජයට ප්‍රසාදය පළකළා. කොහොම වුණත් ආනයනකරුවන් මේ සාකච්ඡාවලදී පෙන්වා දුන්නේ බදු අඩුකිරීමෙන් කිරිපිටි සඳහා ලැබෙන සහනය රු. 35 කට සීමාවන බවයි.

බදු අඩුකළත් පාඩුව අවම කළ නොහැකියි.

අද වෙද්දි සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝ 1 ක් සඳහා රු. 260 ක මිල වැඩිකිරීමක් හෝ බදු සහනයක් නැතිව කිරිපිටි තොග අළුතින් ඇණවුම් කිරීමට නොහැකි තත්ත්වයට කර්මාන්තය පත්ව තිබෙනවා. කිරිපිටි කර්මාන්තය මාර්තු මාසයේ සිට ලබමින් සිටින අලාභය රජය ගත් තීරණය මගින් අවම කිරීමට හැකිවෙන්නේ නැති බව ආනයනකරුවන්ගේ විශ්වාසය වී තිබෙනවා.

ලෝක වෙළඳපොලේ මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මිල වැඩිකිරීමට කිරිපිටි ආනයනකරුවන් මාර්තු මාසයේ ඉඳන්ම පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීම් කළත් ඊට නිසි පියවරක් ගැනීම සිදුවුණේ නැහැ. දැඩි අලාභයන් අවම කිරීමේ පියවරක් විදියට සමහර සමාගම් ජූනි මාසයේ සිට ආනයනය මුළුමනින්ම නවතා දමා තිබෙනවා. තවත් සමාගම් 50 % – 60 % ත් අතර ප්‍රමාණයකින් ආනයනය සීමා කළා.

මෙරටදී බදු සහන හිමිවුණත් ගෝලීය කිරිපිටි මිල තාමත් වැඩියි.

ආනයනය කරන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වලින් නිෂ්පාදනය කෙරෙන කිරි ලීටරයක් රු. 156 ක් පමණ වෙන අතර හයිලන්ඩ් දියර කිරි ලීටරයක ඇසුරුමක මිල රු. 280 ක් පමණ වෙනවා. ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ නවසීලන්තය හා ඕස්ට්‍රේලියාවෙනුයි. මෙරට තුළ ඇති සමස්ත ඉල්ලුමෙන් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි සපුරන්නේ 65 % ක ප්‍රමාණයක්. ගෝලීය කිරි කර්මාන්තය තුළ කිරිපිටි මිල ගණන් තවමත් පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව 20 % ක් පමණ වැඩි මට්ටමක පවතින බවයි කර්මාන්ත මූලාශ්‍ර පවසන්නේ.

ආනයනය නවත්වන්න නම් දේශීය කිරි සැපයුම දෙගුණ කරන්න වේවි.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම, කොවිඩ් 19 සීමාවන් නිසා ඇසුරුම් ද්‍රව්‍යවල මිල ගණන් හා නිෂ්පාදන වියදම් වේගයෙන් ඉහළ යාම, ප්‍රවාහන වියදම් හා පොදුකාර්ය වියදම් විශාල වශයෙන් වැඩිවීම වගේ හේතු කර්මාන්තයේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ඒවගේම, පසුගිය වසර කීපය තුළ ලංකාවේ දියර කිරි කර්මාන්තයේ වර්ධනයක් සිදුවුණත්, වසරකට ආනයනය කරන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ටොන් 90,000 ක ප්‍රමාණය නවත්වන්න නම් දැනටපවතින දේශීය කිරි සැපයුම දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සිද්ධ වෙනවා. ඇත්තටම ඒක අභියෝගයක්

රටේ ආහාර සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය දරන උත්සහයට දායක වෙමින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලව, පෝෂණ ගුණයෙන් අනූන කිරි ජනතාවට සපයන්න කිරිපිටි ආනයනකරුවන් නිරන්තරයෙන් ඇපකැප වෙනවා. ඔවුන් මේ හැමදේම සිදුකරන්නේ ආනයන සම්බන්ධයෙන් පවතින දැඩි දේශසීමා රෙගුලාසි වගේම වසංගත රෝග තත්ත්ව පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශය නියම කරලා තිබෙන සුවිශේෂී සීමාවන්ට අනුවයි.

පාලන මිල ඉවත් කරලා දේශීය කර්මාන්ත ද නංවමු.

දේශීය කිරි කර්මාන්තය නගාසිටුවන්න රජය දරන උත්සහයට අත්වැලක් වෙමින් ඒවායින් නිෂ්පාදිත විවිධ නිෂ්පාදන වෙළඳපොලට හඳුන්වාදීමට ද ඇතැම් කිරිපිටි ආනයන සමාගම් දැනටමත් කටයුතු කර තිබෙනවා. කිරිපිටි මිල ගණන් 2004 වසරේ සිටම රජයේ, පාරිභෝගික සේවා අධිකාරියේ දැඩි පාලනය යටතේ පවතින අතර මිල වෙනස් කිරීම් සම්බන්ධ ඉල්ලීම් වලදී දැඩි දුෂ්කර ක්‍රියාවලියක් අනුගමනය කිරීමට මේ සමාගම් වලට සිදුවී තිබෙනවා.

මිල පාලනය නිසා ඉතා සීමිත ආන්තිකයන් මත තමන්ගේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යන්නට කිරිපිටි ආනයනකරුවන්ට සිද්ධ වෙනවා. කිරිපිටි කිලෝ 1 ක් සඳහා රු. 260 ක මිල වැඩිකිරීමක් ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මේ පවතින දුෂ්කර තත්ත්වයෙන් අත්මිදෙන්නයි. දේශීය කිරි නිෂ්පාදකයින්ට සීයට සීයක් රටේ අවශ්‍යතාවය සපුරාලන්නට නොහැකි වටපිටාවක් තුළ කිරිපිටි ආනයනය සහමුලින්ම නවතාදමන්නටත් රජයට හැකියාවක් නැහැ. මේ නිසාම දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීමේ ගමන්මඟ තුළ ආනයනික කිරිපිටි වලට පනවා ඇති මිල පාලනය ඉවත් කිරීම පිළිබඳ ද රජය අවධානය යොමුකළ යුතු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32