කියුබාවේ හවානා අගනුවර පිහිටි සුඛෝපබෝගී හෝටලයක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පිපිරීමෙන් පුද්ගලයින් විසි දෙදෙනෙකු පමණ මියගි ගොස් ඇති අතර තවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පිපිරීම සිදුව ඇත්තේ හවානා නුවර ‘සරගෝටා’ නමැති තරු පහේ හෝටලයේ බව සඳහන්.
පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
පිපිරීමත් සමඟ කඩා වැටුණු මහල්වල සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයින් මුදාගැනීම අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි ව්දෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.














What is the Hotel name? SARAGOTA ?
I two days ago bought a BLACK RUM of BACARDI of CUBA.