කිඹුලෙක් ඇදගෙන ගිහින් පුද්ගලයෙකු අතුරුදහන්

කිඹුලෙක් විසින් ඇදගෙන යාමෙන් පසුව අතුරුදහන්ව ඇතැයි කියන පුද්ගලයා සෙවීම සදහා නාවික හමුදා කිමිදුම්කරුවන් යෙදවීමට කටයුතු කරන බව කොස්ලන්ද පොලිසිය පවසනවා.

මෙම සිද්ධියෙන් අද (03) දින උදෑසන සිට අතුරුදන්ව ඇත්තේ ඇතිලිවැව වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. සුරංග නැමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අද (03) දින අලුයම 04.30 ට පමණ තවත් මිතුරෙකුද සමග ඌමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකරමින් පවතින කුඩා ජලාශයක මසුන් මැරීම සඳහා පිටව ගොස් තිබෙනවා .

එහිදී ඔවුන් ගමන් කල ඔරුව නවතා දැල් එළමින් සිටියදී උදෑසන 08.00 පමණ එම ස්ථානයට පැමිණි කිඹුලෙක් විසින් අදාළ පුද්ගලයාව ඇදගෙන ගිය බවයි ඔහු සමග සිටි අනෙක් මිතුරා විසින් කොස්ලන්ද පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා කොස්ලන්ද පොලිසිය මගින් අදාල ජලාශ ප්‍රදේශයේ විමර්ශණ සිදුකලද ජලාශයේ පවත්නා අධික ගැඹූර හේතුවෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

කෙසේ වෙතත් අතුරුදන්වූ පුද්ගලයා සොයා ගැනීම සදහා අද (03) දින සවස හෝ හෙට (04) දින උදෑසන නාවික හමුදා කිමිදුම්කරුවන් කැදවීමට කටයුතු කරන බව කොස්ලන්ද පොලීසිියේ ස්ථානාධීපතිවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51