spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිඹුලෙක් ඇදගෙන ගිහින් පුද්ගලයකු අතුරුදහන්

කිඹුලෙක් විසින් ඇදගෙන යාමෙන් පසුව අතුරුදහන්ව ඇතැයි කියන පුද්ගලයා සෙවීම සදහා නාවික හමුදා කිමිදුම්කරුවන් යෙදවීමට කටයුතු කරන බව කොස්ලන්ද පොලිසිය පවසනවා.

මෙම සිද්ධියෙන් අද (03) දින උදෑසන සිට අතුරුදන්ව ඇත්තේ ඇතිලිවැව වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. සුරංග නැමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අද (03) දින අලුයම 04.30 ට පමණ තවත් මිතුරෙකුද සමග ඌමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකරමින් පවතින කුඩා ජලාශයක මසුන් මැරීම සඳහා පිටව ගොස් තිබෙනවා .

එහිදී ඔවුන් ගමන් කල ඔරුව නවතා දැල් එළමින් සිටියදී උදෑසන 08.00 පමණ එම ස්ථානයට පැමිණි කිඹුලෙක් විසින් අදාළ පුද්ගලයාව ඇදගෙන ගිය බවයි ඔහු සමග සිටි අනෙක් මිතුරා විසින් කොස්ලන්ද පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා කොස්ලන්ද පොලිසිය මගින් අදාල ජලාශ ප්‍රදේශයේ විමර්ශණ සිදුකලද ජලාශයේ පවත්නා අධික ගැඹූර හේතුවෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

කෙසේ වෙතත් අතුරුදන්වූ පුද්ගලයා සොයා ගැනීම සදහා අද (03) දින සවස හෝ හෙට (04) දින උදෑසන නාවික හමුදා කිමිදුම්කරුවන් කැදවීමට කටයුතු කරන බව කොස්ලන්ද පොලීසිියේ ස්ථානාධීපතිවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?