spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිඹුලෙකුගේ ගොදුරක්වීමට ගොස් දිවි ගලවා ගත් කතරගම දරුවා

පළා කැඩීමට දෙමව්පියන් සමඟ කතරගම – දෙටගමුව වැවට ගොස් සිටි දරුවෙක් කිඹුලෙකු විසින් ගොදුරු කර ගැනීමට ගිය පුවතක් වාර්තා වනවා.

එහිදී ප්‍රදේශවාසීන් එක්ව එම උත්සාහය දැඩි පරිශ්‍රමයක් දරා ව්‍යර්ථකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී දරුවාගේ එක අතකට බරපතල හානි සිදුව ඇති බව සඳහන්.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මුදාගත් දරුවා කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහ රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කළ ද, දරුවා රැගෙන යාමට රෝහලේ ගිලන් රථයේ ඉන්ධන තිබී නැහැ.

කෙසේ වෙතත් දරුවා ලොරි රථයකින් වෙනත් රෝහලකට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර සීගිරිය ප්‍රදේශයේ කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වී ජීවිතක්ෂයට පත් වූ හත් හැවිරිදි දරුවාගේ සිරුර ඊයේ සොයා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?