spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නගරාධිපති යළිත් කිඹුලියක් සමඟ යුග දිවියට (ඡායාරූප)

පුරාණයේ සිට පැවත එන විවිධ මත, ආගමික සහ සංස්කෘතික විශ්වාස පදනම් කරගෙන මිනිසුන් සුනඛයින්, සූකරයින් හා විවාහ වන අවස්ථා මීට පෙර තොරතුරු වාර්තා වී තිබුණා.

කෙසේ වෙතත් මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් කිඹුලියක් සරණ පාවා ගැනීමේ පුවතක් ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මනුෂ්‍යත්වය හා දේවත්වය අතර සබැඳියාව තහවුරු කිරීමේ අරමුණින් මෙම විවාහ මංගල්‍ය සිදුකළ බවයි මෙක්සිකෝවේ පැරැන්නන් පවසන්නේ.

මෙම විවාහ මංගල උත්සව මඟින් සෞභාග්‍ය උදාවන බව ඔවුන්ගේ මතය වී ඇති අතර, වික්ටර් හියුගෝ සෝසා නැමැති මෙම නගරාධිපතිවරයා සෑම වසරකම මෙවැනි ආකාරයෙන් කිඹුලියක් විවාහ කරගන්නා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

කෙසේ වෙතත් නගරාධිපතිවයා කිඹුලිය සමඟ අතිනත ගත් මෙම උත්සවයට බොහෝ පිරිසක් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.

download
Mayor reptile
p0fyk86r
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
78
+1
9
+1
2
+1
5
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?