spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිඹුලා ඇලේ ගුණා⁣ගේ ප්‍රධාන ගෝලයෙක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු හා කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සින්නයියා ගුණසේකරම් නොහොත් කිඹුලා ඇලේ ගුණා⁣ගේ ගෝලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කිඹුලා ඇලේ ගුණා⁣ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුදගලයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ලද තොරතුරකට අනුව ඊයේ (23) මෝදර ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 23ක රොබින්සන් ඉනේක් නැමති අයෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය ද සන්තකයේ තබාගෙන සිටිය දී සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?