කිඹුල් කටට නොබියව අත දමා ඇමක් ගැලවූ තිදරු පියා

කිසියම් අයෙකු විසින් අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි කිඹුලකුගේ මුඛයට අත දමා එම ඇම ඉවත් කිරීමට මොරන්තුඩුව කවටයාගොඩ ප්‍රදේශයේ තරුණයකු සමත් වුණා.

උදාර සංජීව නම් ඔහු හතළිස් හැවිරිදි තිදරු පියෙක්.

කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ගංගාවක කිසියම් අයෙකු අටවන ලද ඇමක් ගිලදැමූ කිඹුලකු සිටින බවට ප්‍රදේශවාසීන් අතර පැතිර ගිය තොරතුර සැලවී එම ස්ථානයට පැමිණි මෙම පුද්ගලයා එහි සිටි අනෙකුත් අයගේ සහායෙන් දැඩි වෙහෙසක් දරා කිඹුලා ගොඩට ගැනීමට මුලින්ම කටයුතු කර තිබුණා.

අනතුරුව පහසු ස්ථානයකට කිඹුලාව රැගෙන ගිය ඔහු අනෙකුත් පුද්ගලයන්ගේ ද සහයෙන් ආරක්ෂාකාරී අයුරින් කිඹුලාගේ මුඛය විවෘත කර දැඩි වෙහෙසක් දරා ඇම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ යතුරු පැදි කේබලයක් ආධාරයෙන් අටවා තිබූ මෙම ඇම කුකුල්ලන්ගේ මාංශ කොටස් සවිකර සකස් කර තිබූ බවයි.

ඇම ඉවත් කිරීම සඳහා මෙම පුද්ගලයාට විනාඩි 30ක පමණ කාලයක් වැය වූ අතර එහි සිටි සෙසු පුද්ගලයන්ගේ සහාය ද නොමඳව ලැබී තිබෙනවා.

අනතුරුව වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් බොල්ගොඩ ජලාශය ආසන්නයේ සකස් කර තිබූ කුඩා පොකුණකට කිඹුලා යොමු කිරීමටයි එම පිරිස පියවර ගෙන තිබුණේ.

https://www.youtube.com/watch?v=vLEZg1_F5ic


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58