spot_imgspot_img
spot_img

කිඹුල් කටට නොබියව අත දමා ඇමක් ගැලවූ තිදරු පියා

කිසියම් අයෙකු විසින් අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි කිඹුලකුගේ මුඛයට අත දමා එම ඇම ඉවත් කිරීමට මොරන්තුඩුව කවටයාගොඩ ප්‍රදේශයේ තරුණයකු සමත් වුණා.

උදාර සංජීව නම් ඔහු හතළිස් හැවිරිදි තිදරු පියෙක්.

කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ගංගාවක කිසියම් අයෙකු අටවන ලද ඇමක් ගිලදැමූ කිඹුලකු සිටින බවට ප්‍රදේශවාසීන් අතර පැතිර ගිය තොරතුර සැලවී එම ස්ථානයට පැමිණි මෙම පුද්ගලයා එහි සිටි අනෙකුත් අයගේ සහායෙන් දැඩි වෙහෙසක් දරා කිඹුලා ගොඩට ගැනීමට මුලින්ම කටයුතු කර තිබුණා.

අනතුරුව පහසු ස්ථානයකට කිඹුලාව රැගෙන ගිය ඔහු අනෙකුත් පුද්ගලයන්ගේ ද සහයෙන් ආරක්ෂාකාරී අයුරින් කිඹුලාගේ මුඛය විවෘත කර දැඩි වෙහෙසක් දරා ඇම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ යතුරු පැදි කේබලයක් ආධාරයෙන් අටවා තිබූ මෙම ඇම කුකුල්ලන්ගේ මාංශ කොටස් සවිකර සකස් කර තිබූ බවයි.

ඇම ඉවත් කිරීම සඳහා මෙම පුද්ගලයාට විනාඩි 30ක පමණ කාලයක් වැය වූ අතර එහි සිටි සෙසු පුද්ගලයන්ගේ සහාය ද නොමඳව ලැබී තිබෙනවා.

අනතුරුව වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් බොල්ගොඩ ජලාශය ආසන්නයේ සකස් කර තිබූ කුඩා පොකුණකට කිඹුලා යොමු කිරීමටයි එම පිරිස පියවර ගෙන තිබුණේ.

https://www.youtube.com/watch?v=vLEZg1_F5ic
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
171
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?