කිම් ජොන් උන් සහ පුටින් අතර හමුවක් මේ මාසයේ දී

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් මේ මාසයේ රුසියාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

මෙම හමුවේ දී යුක්‍රේන යුද්ධයට සහාය වීම සඳහා උතුරු කොරියාව, මොස්කව් වෙත ආයුධ සැපයීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීමට නියමිත බවයි තොරතරු අනාවරණය වී ඇත්තේ.

රාජ්‍ය නායකයින් දෙදෙනාගේ මෙම හමුව රුසියාවේ කිනම් ස්ථානයක සිදුවනවා ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, කිම් ජොන් උන් සහ පුටින් අතර හමුව රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ව්ලැඩිවොස්ටොක් නගරයේ දී සිදුවිය හැකි බව ද පවසනවා.

මෙම සුවිශේෂී හමුව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බොහෝ දුරට සන්නද්ධ දුම්රියකින් රුසියාව බලා ගමන් කිරීමට ඉඩකඩ ඇති බවයි එක්සත් ජනපදය පවසන්නේ.

කිම් ජොන් උන් සහ ව්ලැඩිමීර් පුටින් අතර අවසන් වරට හමුවක් සිදුවූයේ 2019 වර්ෂයේ දීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56