spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිම් ජොන් උන් සහ පුටින් අතර හමුවක් මේ මාසයේ දී

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් මේ මාසයේ රුසියාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

මෙම හමුවේ දී යුක්‍රේන යුද්ධයට සහාය වීම සඳහා උතුරු කොරියාව, මොස්කව් වෙත ආයුධ සැපයීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීමට නියමිත බවයි තොරතරු අනාවරණය වී ඇත්තේ.

රාජ්‍ය නායකයින් දෙදෙනාගේ මෙම හමුව රුසියාවේ කිනම් ස්ථානයක සිදුවනවා ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, කිම් ජොන් උන් සහ පුටින් අතර හමුව රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ව්ලැඩිවොස්ටොක් නගරයේ දී සිදුවිය හැකි බව ද පවසනවා.

මෙම සුවිශේෂී හමුව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බොහෝ දුරට සන්නද්ධ දුම්රියකින් රුසියාව බලා ගමන් කිරීමට ඉඩකඩ ඇති බවයි එක්සත් ජනපදය පවසන්නේ.

කිම් ජොන් උන් සහ ව්ලැඩිමීර් පුටින් අතර අවසන් වරට හමුවක් සිදුවූයේ 2019 වර්ෂයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?