කිතුල් පැණි සහ හකුරුවල ප්‍රමිතිය තහවුරු කරන්න නව නීති හා රෙගුලාසි

දැනට රට තුළ අලෙවි කරන කිතුල් පැණි, හකුරු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළේ දැනට රට තුළ අලෙවි කරන කිතුල් පැණි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධව ඇතැම් අවස්ථාවල ගැටළු සහගත තත්ත්වයන් පැන නැගී ඇති බවයි.

ඇතැම් නිෂ්පාදනවලට සීනි කලවම් කිරීම හේතුවෙන් කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියේ දී පාරම්පරික නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව වී තිබෙනවා.

විශේෂයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළෙහි ඉහළ ඉල්ලුමක් පැවතීම හේතුවෙන් කිතුල් පැණිවල ප්‍රමිතිය තහවුරු කිරීම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ.

මෙම කරුණ සම්බන්ධව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා කිතුල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දෙනු ලැබුවා.

මේ වනවිට එම නීති හා රෙගුලාසි සැකසීමේ කටයුතු අවසන් කර ඇති අතර නොබෝ දිනකින් එම නීති හා රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමටයි කිතුල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ඇති සමස්ත කිතුල් ගස් ප්‍රමාණය මිලියන 03ක් වුව ද ඉන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ 20%ක ප්‍රමාණයක් පමණයි. ඉතිරි 80%ක ප්‍රමාණය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා තිබෙනවා.

කිතුල් කර්මාන්තකරුවන්ලේ ඉල්ලීම පරිදි වන ජීවී හා වන සංරක්ෂණ කලාපවල ඇති කිතුල් ගස් මැඳීම සඳහා එම කර්මාන්තයේ යෙදෙන්නන්ට ඊට ඇතුළුවීමට අවසර ලබා දෙන අමාත්‍යවරයා වන ජීවී හා වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබුණා.

ඒ අනුව එම කලාපවල ඇති කිතුල් ගස් මැඳීම සදහා අවසර ලබා දීමටයි වන ජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර ඇත්තේ.

මේ හේතුවෙන් 2024 වසරේ කිතුල් කර්මාන්තයේ සංවර්ධනය සඳහා 2023 වසරට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මෙවර අයවැය ලේඛනය මගින් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

2023 වසරේ කිතුල් කර්මාන්තය සඳහා ලබා දුන් මුදල රුපියල් මිලියන 02ක් වුවද, 2024 වසර සඳහා රුපියල් මිලියන 24ක මුදලක් ලබා දී තිබෙනවා.

එමෙන්ම කිතුල් කර්මාන්ත සංවර්ධනයට කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය වැඩ සටහන හා ඒකාබද්ධව කටයුතු කරන ලෙසටයි අමාත්‍යවරයා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දෙනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56