කිකිළි ගණන් උස්සයි

සත්ත්ව ආහාර වල මිල ගණන් සීග්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී. ආර්. අලහකෝන් සඳහන් කරයි.

හුණු සහල් සෝයා සහ බඩ ඉරිගු වල මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇති අතර රුපියල් 3000ක මිලට පැවති සත්ත්ව ආහාර මිටියක මිල මේ වන විට රුපියල් 6000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට ලක්ෂ අසූවක් වන දෛනික බිත්තර පරිභෝජනයෙන් ලක්ෂ හැටපහකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ වයඹ පළාත තුළින් වන අතර එම පළාත තුළ ගොවියන් ලක්ෂ හතරක් පමණ මෙම කර්මාන්තයේ නියැළී සිටියි.

නමුත් මේ වනවිටත් බිත්තරයක නිෂ්පාදන පිරිවැය හා සැසදීමේදී දැනට වෙළෙඳපොළ තුළ පවතින මිල ගණන් වලට බිත්තර අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බැවින් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකිව නිෂ්පාදකයින් සියයට විස්සක් පමණ මේ වන විට කර්මාන්තයෙන් ඉවත් වී තිබේ.

එබැවින් මේ සම්බන්ධව බලධාරීන් මැදිහත්වීමක් නොකළහොත් බිත්තර නිෂ්පාදනයේ නිරතවූවන් කිහිප දෙනෙකු අත පමණක් මෙම කර්මාන්තය රදා පැවතීම හේතුවෙන් ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 50ක් වැනි අධික මිලක් දක්වා ඉහළයාම නැවතිය නොහැකි බව නිෂ්පාදකයන් සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28