කෑලි 08කට කඩා ලංවිම ප‍්‍රතිව්‍යුහගත කරයි

රුපියල් කෝටි අනූදහසකට ආසන්න පාඩුවක් ලබා තිබෙන ලංකා විදුලි බල මණ්ඩලය පරිපාලන වශයෙන් කොටස් අටකට බෙදා සාමාන්‍යාධිකාරීවරුන් අටදෙනකු යටතේ ප‍්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර තිබේ.

දැනට විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සතු බලතල අලූතින් පත් කිරීමට නියමිත සාමාන්‍යාධිකාරිවරුන් අටදෙනා යටතට පත්කර වඩාත් කාර්යක්‍ෂම කර මණ්ඩලයේ පාඩුව අවම කර ගැනීම මෙමගින් අපේක්‍ෂා කරන බව ලංවිම පාලනාධිකාරිය කියා සිටී. මීට අදාළ සංශෝධිත පනත් කෙටුම්පතක් සකසමින් තිබෙන බවද දැනගන්නට ලැබේ.

වැඩි මල ගණන්වලට විදුලිය මිලදී ගෙන එම විදුලිය අඩු මිලට පාරිභෝගිකයන් වෙත විකිණීම නිසා ආයතනය දිගින් දිගටම පාඩු ලබන තැනට පත්ව ඇතැයිද රට වසාදමා තිබූ ඉකුත් මාස කිහිපයේදී නිසි පරිදි විදුලි බිල්පත් අයකර නොගැනීම නිසා මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 60,000 සිට රුපියල් කෝටි 90,000 දක්වා වැඩිවූ බවද මණ්ඩලය කියා සිටී.

මේ සම්බන්ධයෙන් විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතාද කියා සිටියේ ඉකුත් සැප්තැම්බර් මාසය වන විට නිසි පරිදි බිල්පත් නොගෙවීම නිසා පමණක් මණ්ඩලයට රුපියල් කෝටි 2840ක මුදලක් ලැබී නොතිබූ බවයි.

විදුලි පාරිභෝගිකයින්ගෙන් මණ්ඩලයට මසකට රුපියල් කෝටි 70කට අධික මුදලක් බිල්පත් ගෙවීම්වලින් ලැබෙන අතර ඉකුත් වසංගත කාලසීමාවේදී පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීමට ලබාදුන් සහනය නිසා හෝටල් හා කර්මාන්තකරුවන්ගෙන් පමණක් රුපියල් කෝටි 1,700ක මුදලක් මණ්ඩලයට අයවිය යුතුව තිබුණි.

මෙරට ඇති ප‍්‍රධානම රාජ්‍ය ආයතනයක් වන ලංකා විදුලිබල මණ්ඩලය වහා ප‍්‍රතිව්‍යුහගත කර වඩා කාර්යක්‍ෂම, ලාභදායී ආයතනයක් බවට පත් නොකළහොත් එය ආර්ථිකයට දරාගත නොහැකි යැයි ලංවිම පාලනාධිකාරියද සඳහන් කළේය.

2002 වසරේදී එවකට බලයේ සිටි එක්සත් ජාතික පෙරමුණ විදුලිබල මණ්ඩලය කොටස්වලට කඩා යම්කිසි ප‍්‍රතිව්‍යුහගත කිරීමේ පනතක් සකස් කළ මුත් වෘත්තීය සමිතිවල දැඩි විරෝධය නිසා එය නතර කර දැමීමට සිදුවිය.

දැනට ආරම්භ කිරීමට යන ප‍්‍රතිව්‍යුහගත කරන කි‍්‍රයාවලිය සම්බන්ධයෙන්ද මේ වනවිටත් ලංවිම වෘත්තීය සමිතිවල විරෝධය එල්ල වෙමින් තිබෙන අතර මේ කාරණා පදනම් කරගෙන ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයද දෙකඩ වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රතිව්‍යුහගත කර දැනට සිටින සාමාන්‍යාධිකාරි තනතුර ඉවත්කර අලූතින් සාමාන්‍යාධිකාරීවරුන් අටදෙනකු පත් කිරීමට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ප‍්‍රමුඛ වෘත්තීය, සමිති වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවලට යොමුවන බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ‘දිවයින’ට පැවැසීය.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම, මණ්ඩලය කෑලිවලට කඩා දේශපාලන පත්වීම් ලෙස සාමාන්‍යාධිකාරිවරුන් අටදෙනකු පත් කිරීම ආදී පියවරවලට එරෙහිව ගන්නා කි‍්‍රයාමාර්ග සම්බන්ධව තම සංගමය අද (22 දා) නිල වශයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරන බවද ඒ මහතා කීය.

මේ අතර ලංවිම ඉංජිනේරු සංගමයෙන් ඉවත්ව සිටින ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරු පිරිසක් ආයතනය ප‍්‍රතිව්‍යුහගත කිරීමට සහාය ලබාදීමට සූදානම්ව සිටින බව ඉංජිනේරු සංගමයේ හිටපු සභාපතිවරයකු වන නන්දික පතිරගේ මහතා කියා සිටියේය.

මේ රටට අවශ්‍ය විදුලි ව්‍යාපෘති කි‍්‍රයාත්මක නොකිරීම, මණ්ඩලය මෙයාකාරයට පාඩුලැබීම සම්බන්ධයෙන් ඉංජිනේරුවන්ද වගවිය යුතුයි. එනිසා දැන්වත් රජය සතු විදුලිබල මණ්ඩලය මේ ලබන පාඩුවෙන් මුදාගැනීමට යම් පියවර ගැනීමේ වරදක් නෑ. ලංවිම විකුණනවා, විකුණනවා කියමින් සමහරු කෑගැසුවත් මෙය විකුණන්නෙ නෑ. විකුණනව නම් ලෙකෝ එක විකුණන්න පුළුවන්. එහෙම විකිණීමක් නෙවෙයි. ලංවිම ලබන පාඩුව නැතිකර එය කාර්යක්‍ෂම කළ යුතුයි. නන්දික පතිරගේ මහතා වැඩිදුරටත් එසේ කියා සිටියේය.

ශිරාන් රණසිංහ
– Divaina



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51