spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෑම පාර්සලයක මිලත් පහළට

ලබන සතියේ සිට කෑම පාර්සලයක මිල අඩු කිරීමට සූදානමින් සිටින බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් අප කළ විමසීමක දී සඳහන් කළේ වෙළෙඳපොළ ආහාර ද්‍රව්‍යවල මිල සමීක්ෂණයක් සිදුකොට බත් පාර්සලයක මිල ලබන සතියේ සිට අඩු කිරීමට තීරණය කරන බවයි.

මේ අතර අද (27) දිනයේ සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 10.00කින් අඩු කිරීම එම සංගමය පසුගිය දා තීරණය කළා.

කිරිපිටි ආනයනකරුවන් විසින් කිරිපිටි මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ.

හෝටල් සහ ආපනශාලාවල කිරි තේ කෝප්පයක මිල පැවතියේ රුපියල් 100.00ක මිලකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?