spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෑගල්ල කලාප කාර්යාලය තුළ උණුසුම් තත්වයක්

කෑගල්ල ඔලගන්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් සහ කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සමඟ උණුසුම්කාරි තත්වයක් ඇති වී තිබෙනවා.

කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ ප්‍රාථමිකය හැටියට ඔලගන්කන්ද විදුහල කටයුතු කරන බවත් චක්‍ර ලේඛය අනුව ඔලගන්කන්ද ප්‍රාථමිකයෙන් පසු 6 ශ්‍රේණිය සඳහා කෑගල්ල ස්වර්ණ ජයන්ති විදුලයට සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමට හැකියාව තිබෙන බව දෙමව්පියන් පවසා සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ.

එහෙත් ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය ජාතික පාසලක් වූ විට එසේ ක්‍රියාත්මක නොවන බවත් අවශ්‍ය නිර්දේශ ලේකම් කාර්යාල වෙත යවා ඇති බවත් කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා පවසනවා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා මේ සම්බන්ධයෙන් විසඳුමක් දීමට බලාපොරොත්තුවන බවත් 10 වෙනි දිනට සියලු ම දෙමව්පියන්ට ස්වර්ණ ජයන්ති පාසලට පැමිණෙන ලෙසත් අධ්‍යක්ෂකතුමිය වැඩිදුරටත් දන්වා සිටියා.

නැවතත් පැරණි චක්‍ර ලේඛය අනුව 6 ශ්‍රේණියට ඔලගන්කන්ද විද්‍යාලයෙන් ළමුන් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමව්පියන් හා කලාප නිලධාරිනිය අතර උණුසුම් තත්වය හටගත් බවයි අප වාර්තාකරු පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
4
+1
1
+1
2
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?