කෑගල්ල කලාප කාර්යාලය තුළ උණුසුම් තත්වයක්

කෑගල්ල ඔලගන්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් සහ කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සමඟ උණුසුම්කාරි තත්වයක් ඇති වී තිබෙනවා.

කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ ප්‍රාථමිකය හැටියට ඔලගන්කන්ද විදුහල කටයුතු කරන බවත් චක්‍ර ලේඛය අනුව ඔලගන්කන්ද ප්‍රාථමිකයෙන් පසු 6 ශ්‍රේණිය සඳහා කෑගල්ල ස්වර්ණ ජයන්ති විදුලයට සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමට හැකියාව තිබෙන බව දෙමව්පියන් පවසා සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ.

එහෙත් ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය ජාතික පාසලක් වූ විට එසේ ක්‍රියාත්මක නොවන බවත් අවශ්‍ය නිර්දේශ ලේකම් කාර්යාල වෙත යවා ඇති බවත් කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා පවසනවා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා මේ සම්බන්ධයෙන් විසඳුමක් දීමට බලාපොරොත්තුවන බවත් 10 වෙනි දිනට සියලු ම දෙමව්පියන්ට ස්වර්ණ ජයන්ති පාසලට පැමිණෙන ලෙසත් අධ්‍යක්ෂකතුමිය වැඩිදුරටත් දන්වා සිටියා.

නැවතත් පැරණි චක්‍ර ලේඛය අනුව 6 ශ්‍රේණියට ඔලගන්කන්ද විද්‍යාලයෙන් ළමුන් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමව්පියන් හා කලාප නිලධාරිනිය අතර උණුසුම් තත්වය හටගත් බවයි අප වාර්තාකරු පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14