කැළණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය ආශිත පහත්බිම් ප්‍රදේශවල සිටින ජනතාව අවදානයෙන් සිටින්න !

අත්තනගලු ඔය ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ අතර පසුගිය පැය 24 තුළ ලැබුණු වර්ෂාතනයන් සැලකීමේ දී වැඩිම වර්ෂාපතනයක් කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව වාර්තා වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.,

කැළණි ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 300 කට ආසන්න සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර,
ඉදිරි පැය 24 ක කාලය තුළ කැළණි ගංඟා නිම්නයේ හංවැල්ල ප්‍රදේශයෙන් පහළ පිහිටි සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැළණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් කැළණි ගඟ ආසන්නයේ පවතින පහත්බිම් ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවනවා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි එම ප්‍රදේශවල පදිංචි ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර මෙතැන් සිට ඉදිරි පැය 24ක කාලය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, කළුතර, බුලත් ත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

තවදුරටත් අධික වර්ෂාපතනයක් ඇති වුවහොත් කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි අතර, ඒ පිළිබඳව අදාළ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51