spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැසීම් රෝගී තත්වයක් නිසා පාසලක් වැසේ (වීඩියෝ)

සිසුන් පිරිසකගේ සිරුරේ ඇතිවූ කැසීම් තත්වයක් හේතුවෙන් කුරුණෑගල ගනේවත්ත හිරිපිටිය විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම තත්වය හමුවේ පාසල විෂබීජහරණ කර තාවකාලිකව වසා දැමීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ.

ආසාදන තත්වයට ලක්වූ සිසුන් ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුලත් කර තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ළමයින් 15 දෙනෙකු පමණ මෙලෙස හදිසියේ රෝගී වී ඇති බවයි.

පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී ළමුන් කිහිපදෙනෙකුට ශරීරය කැසීමේ රෝගී තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ඔවුන්ව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

මෙම රෝගී තත්ත්වය පැතිර යෑමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
3
+1
4
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?