කැලණි සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටකර විරෝධතාවක (වීඩියෝ)

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් මේ වනවිට විරෝධයක නිරතවනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (29) රාත්‍රියේ සිට විරෝධයක නිරත වුණා.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබූ අතර, එය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළා.