කැරොලයින් සහ චූලා ඇප ලබා එලියට එද්දී – පුෂ්පිකා සමාජ සේවයට

ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ කිරුළ ගලවා සුළු තුවාල කිරීමේ සිද්ධියට අදාළ 2019 ලෝක විවාහක රූ රජින කැරොලයින් ජුරි සහ චූලා පත්මේන්ද්‍රන් යන අය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (19) නියෝග කළේය.

මේ අතර එම සිද්ධියට මූලික වූ 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා සමාජ සේවා කටයුතු රැසක් ආරම්භ කර ඇති බවද ආරංචි වේ. ඇය පහුගිය දිනවල ප්‍රදේශ කිහිපයක දරු දැරියන්ට නව පාසැල් වාරයට අවශ්‍ය ඉගෙනුම් උපකරණ පිරිනැමීමේ කටයුතු ද සිදු කර තිබේ.