කැරම් – දාම් බෝඩ් බෙදා රජයට පාඩු කළේ යැයි චෝදනා ලද මහින්දානන්දට හා නලින්ට නියෝගයක්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 53කට ආසන්න වටිනාකමකින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි සතොස ආයතනය හරහා මිල දී ගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනාකොට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස ආයතනයේ හිටපු සභාපති සහ වත්මන් අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 09 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව අද (01) අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් වීමෙන් පසුව ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 09 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් මිල දී ගැනීම තුළින් රජයට රුපියල් මිලියන 53කට ආසන්න පාඩුවක් සිදු කළේ චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහි ව කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධි චෝදනා පත්‍ර ගොනුකර තිබෙනවා.

  1. අදිකරණ වලට නිසි ලෙස නඩුව ගොනු නොකොළොත් නිදොස් කොට නිදහස්.. මොනවා කලත් system change එක වෙනකම් කිසිම දෙයක් වැඩක් nah



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39