කැබිනට් සංශෝධනයක් අත ලඟ

කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් ඉදිරි දිනවල සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. මේ යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එළඹෙන ජනවාරි මස 8,10 හෝ 18 යන දිනයන් වලින් එක් දිනකදී මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ එම ඇමතිධූරවලද කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙයට අමතරව කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක මුල් පුටුද ඉදිරියේදී වෙනස් කෙරෙන බව සඳහන් කරන එම ප්‍රකාශකයා ආණ්ඩුව නව වසරේ අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් සියලු දෙනාම පාහේ ඉදිරි දින වලදී සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවට ද වාර්තා එලවනවා.

නව වසරේ නව වෙනස්කම් සමග අලූත් ගමනක් ආරම්භ කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ඉල්ලීමක් කර තිබෙනවා. මෙම කැබිනට් සංශෝධනයද එහි ප්‍රතිඵලයක් බව දැනගන්නට ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජාතාට - නන්දා හමුවූ හැටි හෙළිකරයි - මම අඳුරන්නේ කුඩා කාලයේ ඉදලා..මගේ හොඳ මිතුරියක්
01:36
Video thumbnail
88,89 හිර ගෙවල්වල හිටපු මිනිස්සුන්ට මුර දේවතාවියක් වගේ වුණා නන්දා මාලනිය..
00:52
Video thumbnail
චාමර ඇවිත් කිව්ව අමුතු කතාව - මාලනී මතක් වෙනකොට චන්ද්‍රිකා මෙතනින් ගියා
01:11
Video thumbnail
අපි අරගල කළේ එතුමියගේ සිංදුවලින් පන්නරයක් අරගෙන - රටට දැනෙන පාඩුවක් මේ
01:46
Video thumbnail
"සංගීතයේ අම්මා නැතිවුණා වගේ දැනෙන්නේ"මාලනී ගැන කලාකරුවන්ගේ මුවින් පිටවූ සංවේදී වදන්
04:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22
Video thumbnail
මාලනිය වෙනුවෙන් කඳුලක් වැටුණු කලාකරුවෝ...
01:04
Video thumbnail
දැයෙන් සමුගත් මාලනීට ගෞරව දක්වන්න අගමැති හරිනි එයි - දේහය ළඟ සංවේදී වූ හරිනි
01:24
Video thumbnail
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අවසන් උපහාරය
00:12
Video thumbnail
ඔක්කොම ගිහින් අඩියක් ගහන්න..අර්චුනා ආණ්ඩුවට කට උත්තර නැති කරයි
07:03