spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැබිනට් අමාත්‍යවරු සම්බන්ධයෙන් ජනපති දැඩි තීරණයක

රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සම කැබිනට් ප්‍රකාශකවරු පත් නොකරන බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ අනුව අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින්ම අදාළ තීන්දු තීරණ මහජනතාවට දැනුම්වත් කිරීම සඳහා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට අනිවාර්යයෙන් ම සහභාගි විය යුතු බවයි ජනාධිපතිවරයා දන්වා ඇත්තේ.

මීට අමතරව විපක්ෂය යොමුකරන ප්‍රශ්න සඳහා පිළිතුරුදීම සඳහා අදාළ කැබිනට් අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි විය යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම උපදෙස් ලබාදුන් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (26) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?