කැබිතිගොල්ලෑවේ මවක් දරු දෙදෙනා සමඟ ළිඳට පනී (ඡායාරූප)

කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයේ මවක් සිය දරුවන් දෙදෙනා සමඟ සියදිවි හානිකර ගැනීමේ අරමුණින් අද (05) උදෑසන නිවසේ ළිඳට පැන ඇති බව පොලිසිය පවසනවා.

මෙහිදී එක් දරුවෙක් මියගොස් ඇති අතර, බේරාගත් මව සහ අනෙක් දරුවා බරපතළ තත්ත්වයෙන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වවුනියාව රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනා සමඟ මෙලෙස ළිඳට පැන ඇත්තේ 48 හැවිරිදි කාන්තාවක් වන අතර, මියගොස් ඇත්තේ ඇයගේ 21 හැවිරිදි වියේ පසු වූ වැඩිමල් දරුවායි.

මේ වනවිට මව සමඟ රෝහල් ගතව ප්‍රතිකාර ලබන 09 හැවිරිදි අනෙක් දරුවා පූර්ණ කථන අපහසුතාවක් ඇති දරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

සිවිල් ආරක්ෂක භටයෙකු වන මෙම කාන්තාවගේ සැමියා අද (05) අලුයම රාජකාරියට ගොස් පසුව උදෑසන ආහාරය සඳහා පෙරවරු 10.00ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසේ පෙනෙන්නට සිට නැහැ.

පසුව සිදුකළ සොයාබැලීමේ දී බිරිඳ සහ දරුවන් දෙදෙනා ළිඳ තුළ සිටිනු දැක ඉන් ගොඩගෙන රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අදාළ කාන්තාව මෙලෙස සියදිවි නසා ගැනීමට උතසාහ කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගිය වැඩිමල් දරුවාගේ මළ සිරුර සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28