spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැබිතිගොල්ලෑවේ දී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී අනතුරක්

කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගයේ ඕලුගස්කඩවල හංදිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අද (23) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනා ඇතුළු තවත් කාන්තාවක් කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පදවි, ශ්‍රී පුර ප්‍රදේශයේ සිට අනුරාධපුර බලා ගමන් කරමින් තිබූ බස් රථයක් සහ කැබිතිගොල්ලෑව නගරයේ සිට පදවිය බලා ගමන් කරමින් තිබූ කුකුල් මස් පටවාගත් ලොරි රථයක් මෙලෙස අනතුර ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ පැවති අධික වර්ෂාවත් සමඟ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?