කැබිතිගොල්ලෑවේ දී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී අනතුරක්

කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගයේ ඕලුගස්කඩවල හංදිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අද (23) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනා ඇතුළු තවත් කාන්තාවක් කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පදවි, ශ්‍රී පුර ප්‍රදේශයේ සිට අනුරාධපුර බලා ගමන් කරමින් තිබූ බස් රථයක් සහ කැබිතිගොල්ලෑව නගරයේ සිට පදවිය බලා ගමන් කරමින් තිබූ කුකුල් මස් පටවාගත් ලොරි රථයක් මෙලෙස අනතුර ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ පැවති අධික වර්ෂාවත් සමඟ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැකපළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32