කැබ් රථයක් කිලෝමීටරයක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළෙයි

දෙල්තොට, හේවාහැට මාර්ගයේ නාරංහින්න ප්‍රදේශයේ දී ගලහ දෙසට ධාවනය වූ කැබ් රථයක් ප්‍රාපතයකට පෙරළී තිබේ.

පොලීසිය සඳහන් කර ඇත්තේ ඊයේ (14) සවස එම අනතුර සිදුව ඇති බවය.

කැබ් රථයේ රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් 1200ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් කැබ් රථයේ රියදුරු සහ ඔහු සමග පැමිණි තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

දුරකථන කුළුනක නඩත්තු කටයුත්තක් සඳහා මොවුන් පැමිණ නැවත ගමන් කරමින් සිටිය දී එම අනතුර සිදුව ඇතැයි අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 35ක් හා 64ක් වන ගුන්නාපාන හා ගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෘත ශරීර පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇත.

කැබ් රථ රියදුරුගේ නොසැලකිලිමත් හා අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

ගලහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59