කැඳ විකුණා හැදූ ක්‍රීඩා පිටියෙන් ලක්ෂ 800ක් උපයා දුන් විදුහල්පතිට විශ්‍රාම වැටුපත් නවතයි

ගාල්ල ඉමදුව, පරගොඩ විද්‍යාලයේ විදුහල්පති ඒ.ජී පත්මසිරි විශ්‍රාම යාමේ උත්සවය කැඳ විකුණා සකස්කරගත් කුඩා ක්‍රීඩා පිටියේදී අභිමානවත්ව පැවැත්විණි.

ඊට කහද පූර්වාරාම විහාරාධිපති විශ වෛද්‍ය විශේෂඥ අතිපූජ්‍ය පොල්හේනේ ජිනසිරි, වල්පොල සදුන් විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති පොල්හේන ජිනසිරි යන නාහිමිවරුන් ඇතුළු ප්‍රධාන මහා සංඝරත්නය, ආරාධිතයන් දෙමාපියන් ආචාර්යමණ්ඩලය, ආදිශිෂ්‍යයන් පාසලේ දූ දරුවන් ඇතුළු දහසකට අධික පිරිසක් විදුහල්පතිවරයාට සුභ පැතීමට එක්ව සිටියා.

මීට වසර 10කට පෙර පාසල භාර ගන්නා අවධිය හා වර්ථමාන පාසල ගැන මනාව ගළපමින් පැහැදිලි කළ විදුහල්පතිවරයා,

“මම වශීකරවන කෙනෙක් නෙවෙයි. පාසලට සම්බන්ධ හැමෝටම උණක් හැදුවා. ගොඩනැගිලි දෙකක් විතරක් එක්ක වැහෙන්න ගිය පාසල අද ගොඩනැගිලි අටක්, පිවිසුම් මාර්ගයක්, පුස්තකාල , බුදුමැදුර එලිමහන් පන්ති කාමර ක්‍රීඩා පිටියක්ද සමග ලක්ෂ 800ක වත්කමක් පාසලට ලබා දුන්නේ කිසිදු රජයේ මැදිහත් වීමක් නොමැතිව, දේශපාලකියින් හදපු ගොඩනැගිලි 40ක් විතර. ඒවා නොපෙනෙන ගොඩනැගිල්ලි විශ්‍රාම වැටුපත් නවත්වනවා කිව්වා. කෝටි අටක දේපළක් හදපු එක තමයි මම කළ වැරැද්ද.

විදුහල්පතිවරයාගේ සුන්දර කතාවේ අසුන්දර ගමන මනාව පැහැදිලි කළේ වටිනා ආදර්ශමත් විදුහල්පති භූමිකාවේ විශ්‍රාම යාම රටටම ආදර්ශයක් එක් කරමින්ය.

පාසලේ 4 ශ්‍රේණියේ සතිර විදුජය දරුවා හා පාසල් සංවර්ධන සමිතියේ ලේකම් රැවන් චාමර මහතාද විශ්‍රාම විදුහල්පතිවරයාට සුභ පැතීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04