“කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනයට මහ බැංකුවෙන් නියෝගයක්

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියළුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුලදී සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට එම ආයතනය වෙත මහ බැංකුව නියෝග කර තිබෙනවා.

අදාළ නියෝගය ලබාදී ඇත්තේ ‘ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම’ යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌනතා තත්ත්වය හේතුකොට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය ප්‍රකාරවයි.

“කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනයේ සියළුම මහජන වගකීම් සම්පූර්ණයෙන් නැවත ගෙවීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට අවශ්‍ය පියවර තහවුරු කිරීමෙන් සහ එම මහජන වගකීම් ගෙවීමෙන් පසු එම ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව, “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනයේ තැන්පතුකරුවන්ගේ සහ පොරොන්දු නෝට්ටුහිමියන්ගේ යහපත උදෙසා ඉහත කී නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් එකගඟ වී ඇති පොළී අනුපාතයන්ට අනුව 2022.12.26 දින දක්වා උපචිත වන පොළී මුදල් ද ඇතුළුව සම්පුර්ණ මහජන වගකීම් ප්‍රමාණය ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි දන්වා ඇත්තේ.

මෙම නැවත ගෙවීමේ සැලැස්මට අනුව 2023 වසරේ පෙබරවාරි 28 දිනට පෙර සිය මුදල් නැවත ලබාගන්නා ලෙස “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනයේ සියළු තැන්පතුකරුවන් සහ පොරොන්දු නෝට්ටුහිමියන් වෙත මහ බැංකුව දැනුම් දෙනවා.

1 9 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38