spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැන්ඩි වෝරියර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සුපිරි විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

මීට අමතරව කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් මෙවර තරගාවලිය වෙනුවෙන් සිය කණ්ඩායම තුළ රඳවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වේට් සහ ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රිස් ග්‍රීන් ද එම කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ හිටපු නායක සර්ෆ්රාස් අහමඩ් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ එක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම පසුගිය තරගාවලියේ දී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල මෙවර තරගවලියේ දී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය ජූලි මස අග භාගයේදී ආරම්භ වීමට නියමිත අතර, තරඟාවලිය ජූලි 31 සිට අගෝස්තු 21 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් මීට පෙර නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?