කලම්බෝ ස්ට්‍රයිකස් LPL පළමු ජය ලබයි

2023 එල් .පී.එල්. තරගාවලියේ තුන්වන තරගයෙන් සුපිරි ජයක් ලබන්නට කලම්බෝ ස්ට්‍රයික්ස් කණ්ඩායමට අද රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙක් කලම්බෝ ස්ට්‍රයික්ස් කණ්ඩායම ලකුණු 27කින් ජය ලබා ගනිමින්.

කලම්බෝ ස්ට්‍රයික්ස් සහ කැන්ඩි කණ්ඩායම් අතර තරගය පැවැත්වු අතර මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කලම්බෝ ස්ට්‍රයික්ස් නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුවෙන් පන්දුට පහර දිමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේදී 157ක් ලබා ගත්තා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 4යි,නුවනිදු ප්‍රනාන්දු 28යි .පැතුම් නිස්සංක 15යි, බාබර් අසාම් 59 ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 3ක් ලබා ගත්තා

කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය සදහා ලකුණු 158ක් ලබාගත යුතුව තිබුණා.

කෙසේ වෙතත් කැන්ඩි කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08 දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 130ක් පමණයි.

පන්දු ‍යැවීමේදී මතීෂ පතිරණ කඩුලු තුනක් බිද දැමූ අතර, නසීම් ෂා සහ වැන්ඩර්සේ කඩුලු දෙක බැගින් බිද දැමුවා.

මෙවර තරගාවලියේ කලම්බෝ කණ්ඩායම සහභාගී වූ දෙවන තරගය මෙය වන අතර ඔවුන් සහභාගී වූ පළමු තරගය ඊයේ ජැෆ්නා කිංග්ස් ඉදිරියේ පරාජයට පත් වුණා.

කැන්ඩි පිළ මෙවර තරගාවලියේ සහභාගී වූ පළමු තරගය මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:44
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි - කැලඹුණු කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
පොලිසිය බාර ලේකම්ගෙන් මිහින්තලේ හිමිට සැර ප්‍රකාශයක්..හඬපටය ලීක්වෙයි?- ජීවිතයට මොකුත් වුණොත් බලාගන්න
12:08
Video thumbnail
නෙලුම් මල් කැඩීමට ගිහින් යළි නොඑන ගමන් ගිය පුද්ගලයා
00:32
Video thumbnail
මහ වැස්සත් සමඟ වැල්ලවාය කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:45