spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කලම්බෝ ස්ට්‍රයිකස් LPL පළමු ජය ලබයි

2023 එල් .පී.එල්. තරගාවලියේ තුන්වන තරගයෙන් සුපිරි ජයක් ලබන්නට කලම්බෝ ස්ට්‍රයික්ස් කණ්ඩායමට අද රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙක් කලම්බෝ ස්ට්‍රයික්ස් කණ්ඩායම ලකුණු 27කින් ජය ලබා ගනිමින්.

කලම්බෝ ස්ට්‍රයික්ස් සහ කැන්ඩි කණ්ඩායම් අතර තරගය පැවැත්වු අතර මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කලම්බෝ ස්ට්‍රයික්ස් නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුවෙන් පන්දුට පහර දිමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේදී 157ක් ලබා ගත්තා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 4යි,නුවනිදු ප්‍රනාන්දු 28යි .පැතුම් නිස්සංක 15යි, බාබර් අසාම් 59 ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 3ක් ලබා ගත්තා

කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය සදහා ලකුණු 158ක් ලබාගත යුතුව තිබුණා.

කෙසේ වෙතත් කැන්ඩි කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08 දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 130ක් පමණයි.

පන්දු ‍යැවීමේදී මතීෂ පතිරණ කඩුලු තුනක් බිද දැමූ අතර, නසීම් ෂා සහ වැන්ඩර්සේ කඩුලු දෙක බැගින් බිද දැමුවා.

මෙවර තරගාවලියේ කලම්බෝ කණ්ඩායම සහභාගී වූ දෙවන තරගය මෙය වන අතර ඔවුන් සහභාගී වූ පළමු තරගය ඊයේ ජැෆ්නා කිංග්ස් ඉදිරියේ පරාජයට පත් වුණා.

කැන්ඩි පිළ මෙවර තරගාවලියේ සහභාගී වූ පළමු තරගය මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?