කැන්ගරු පිහිටෙන් එංගලන්ත සුපිරි අට වටයට

20-20 ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවති තරගයෙන් ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

‘බී’ කාණ්ඩයේ තරගය වූ මෙම තරගයෙන් ස්කොට්ලන්තය පරාජය කරමින් ඕස්ට්‍රේලියාව ජයගත්තේ කඩුලු 05කින්.

ස්කොට්ලන්ත පරාජයත් සමඟ ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව එංගලන්තයට උදාවීම ද විශේෂත්වයක්.

යම් හෙයකින් මෙම තරගය ඕස්ට්‍රේලියාව පරාජයට පත්වූවා නම් සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමේ එංගලන්ත බලාපොරොත්තුව බොඳ වී යනවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 180ක් රස කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 041ක් තුළ කඩුලු 05ක් දැවී තිබිය දී එම ඉලක්කය පසුකර ගියා.

ඒ, අනුව මෙම තරගයෙන් කඩුලු 05ක ජයක් ඕස්ට්‍රේලියාවට හිමි වූ අතර, ‘බී’ කාණ්ඩයේ මුල්තැන ගනිමින් ඕස්ට්‍රේලියාව සුපිරි 08 දෙනාගේ තරග වටයට පිවිසියා.

1 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56