කැන්ගරුවෝ ගාලු තණතිලි මත කණ්ඩායමක් රැස් කළ ඉහළතම දෙවැනි ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියති

වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම පන්දුවට පහරදෙමින් සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම දැවැන්ත ලකුණු 654ක ලකුණු පුවරුවක් ගොඩනගමින් සිය ඉනිම අත් හිටවූවා.

මෙම තරගය ඊයේ (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර අද තරගය ඔස්ට්‍රෙලියාව සිය ඉනිම අත් හිටුවන විට බිඳ වැටී තිබූ කඩුලු සංඛ්‍යාව 06ක්.

වාර්තා අලුත් කරමින්, නව වාර්තා පිහිටුවමින් ඔස්ට්‍රෙලියානු පිතිකරුවන් විදෙස් තණතිල්ලක් වුව ද සිය මව්බිමේ දී මෙන් ම සුහුරු ගති පෑ ආකාරය ඔවුන්ගේ පිතිකරණ රටාවෙන් දිස්වුණා.

එහි උච්චතම අවස්ථාව බවට පත් වූයේ 2023 සිඩ්නි හි දී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී වාර්තා කරගෙන සිටි සිය පෞද්ගලික හොඳම ටෙස්ට් ලකුණේ සීමාව පසුකර (195*) යාමට ඔස්ට්‍රෙලියානු ආරම්භක පිතිකරු උස්මන් කවාජා හට හැකි වීමයි.

ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට ඉතා ඉවසීමෙන් යුතුව සිය පිත්ත හසුරවමින් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළේ සිය මංගල ද්විත්ව ශතකයට ද හිමිකම් කියමින්.

එමෙන්ම කවාජාගේ ලකුණු 232ක ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩකයෙකු රැස් කළ 08 වැනි ද්විත්ව ශතකලාභියා ද වුණු අතර ඔහු ලෝක ටෙස්ට් ද්විත්ව ශතකලාභීන් අතර 41 වැනියා බවට ද අද පත්වුණා.

මීට අමතර ව ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 10000 සීමාව පසුකර යමින් සිය 35 වැනි ටෙස්ට් ශතකය ලබා ගත් ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් ලබා ගත්තා.

ඔහු දැවී ගියේ වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේයි.

එමෙන්ම ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් ලබමින් සිය පළමු ටෙස්ට් තරගයේ දීම කුළුඳුල් ටෙස්ට් ශතකලාභීන් අතර 21 වැනියා බවට පත්වෙමින් ජෝෂ් ඉංග්ලිස් ලකුණු 102ක් රැස් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ කාර්‍යයභාරයට දැඩි පීඩනයක් ගෙනදෙමින්.

T20 තරග රටාවක් දියත් කරමින් කවදත් ප්‍රවේගකාරී පිතිකරණයක් දියත් කිරීමට පසුබට නොවූ ට්‍රවිස් හෙඩ් පන්දු 40ක දී ලකුණු 57ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 10ක් එල්ල කරමින්.

තරගයේ පිතිකරුවන්ට පීඩනයක් ගෙන දිය හැකි සෑම අවස්ථාවක ම දුර්වල පන්දු රැකීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණාත්මක පිතිකරුවන් දවා ගැනීමේ වරම් අතපසු කිරීම් ද දක්නට ලැබුණා.

කෙසේවෙතත් සත් වැනි කඩුල්ලට පිටියේ රැඳී සිටි ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 46ක් සහ මිචෙල් ස්ටාක් නොදැවී ලකුණු 19ක් අතැතිව සිටියදී නායක ස්මිත්ගේ කැඳවීම ඔස්ට්‍රෙලියාවට ලැබුණේ සිය පළමු ඉනිම අත් හිටුවීම සුදුසු බවට දැනුම්දෙමින්.

තරගයේ කඩුලු බිඳ දැමීමේ දී ප්‍රභාත් ජයසූරිය සහ වැන්ඩර්සේ කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

අද පළමු ඉනිමේ විශේෂත්වය වනුයේ කිසිදු ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නෙකුට ඔස්ට්‍රෙලියාවට එරෙහිව කඩුල්ලක් දවාගැනීමට නොහැකි වීමයි.

එමෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී කණ්ඩායමක් සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසට ද මෙය ඉතිහාසගත වුණා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව 2023 දී කඩුලු 03ක් දැවී ලකුණු 704ක් ලබා ගත්තා.

මේ වනවිට සිය පළමු ඉනිම ආරම්භ කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 08ක්.

පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 07ක් අතැතිව සිටි ඕෂධ ප්‍රනාන්දු යි.

ඒ දඟ පන්දු ක්‍රීඩක කුහ්නමන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට ලක් වීමෙන්.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ දිනේෂ් චන්දිමාල් සමගින් දිමුත් කරුණාරත්න යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48