කැනඩාවේ හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරයට මෝදිගෙන් සැර ප්‍රකාශයක්

රාජ්‍ය තාන්ත්‍රිකයින් බිය ගැන්වීමේ බියගුලු උත්සාහයන් දැඩි ලෙස හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද (04) කැනඩාවේ ඔන්ටාරියෝ හි ඉදිකර ඇති බ්‍රැම්ප්ටන් හින්දු කෝවිලේ ගේට්ටු කඩා ඊට නාඳුනන පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සිය නිල X සටහනක් තබමින්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ;
“අන්තවාදීන් සහ බෙදුම්වාදීන් විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින” බවටයි.

එම ප්‍රකාශයෙන් පැයකට පමණ පසුවයි ඉන්දීය අගමැතිවරයා සිය මතය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කර ඇත්තේ.

එරට සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් බිය ගැන්වීමේ “බියගුලු උත්සාහයන්’ ලෙසටයි මෝදි සිය X සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

එය වැඩිදුරටත් මෙසේ යි;

“මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කිසි විටෙකත් ඉන්දියාවේ අධිෂ්ඨානය දුර්වල නොකරනු ඇත. කැනේඩියානු රජය යුක්තිය සහතික කර නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු,” යනුවෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14